සාමාන්‍ය පෙළ විභාගය පැවත්වෙන දිනවලදී මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණ වල නිරත වීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
විභාගය පැවැත්වෙන හෙට සිට ලබන ජූනි පළමුවනදා දක්වා කාලය තුළ විභාගය සාර්ථකව පැවත්වීම සදහා අවශ්‍ය විදුලි සැපයුම ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.
එබැවින් රටේ දු දරුවන්ගේ ප්‍රධාන කඩයිම් විභාගයක් සාර්ථකව පවත්වාගෙන යාම සදහා ඔවුන්ට ලබාදිය හැකි උපරිම දායකත්වයත් ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කලේ.
මෙම සතියේ සිට නොරොච්චෝලේ බලගාරයේ ඒකක 03 ම ක්‍රියාත්මක වීමට නියමිත අතර විභාගය පැවත්වෙන කාලය තුල ප්‍රමාණවත් පරිදි ජල විදුලිය ජනනය සදහා අවශ්‍ය ජලය මුදාහරින ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් කල ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා.
එබැවින් මෙම අභියෝගාත්මක අවස්ථාවේ සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව පැවත්වීම සදහා අදාල සියලූ රාජ්‍ය ආයතනවලින් විශේෂ සහායක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට ලබාදිම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙනවා.