ප්‍රචණ්ඩත්වය විසින් රටට උරුම කරන්නේ විනාශය බවත් දශක ගණනාවක් මුළුල්ලේ එවන් විනාශයන් රට අත්විද ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එබැවින් මෙම තීරණාත්මක අවස්ථාවේ සියලූ දෙනාම සාමකාමීව සහ සන්සුන්ව කටයුතු කළ යුතු බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ.
ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා අරගල කරන තරුණයින්ට සහ ජනතාවට පහර දුන් රාජපක්ෂ ආණ්ඩුවේ කිසිවෙකුට කිසිදු ගැලවීමක් නැතැයිද විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කලා.