වර්තමාන ආර්ථික / දේශපාලන අර්බුදයෙන් මිදීම සඳහා, අවශ්‍ය වන්නේ සාපාරාධී රාජපක්ෂ පවුල මුදා ගැනීමේ ආණ්ඩුවක් නොව, ව්‍යසනයෙන් ජනතාව මුදා ගන්නා කෙටිකාලීන, අන්තර්කලීන, සර්ව පාක්ෂික ආණ්ඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
එවැනි ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩකඩ සලසා දෙමින්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තම ධූරයෙන් ඉවත් විය යුතු අතර, එසේ ඉවත් වන දින වකවානු නිශ්චිතවම ප්‍රකාශයට පත් කළ යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.
එමෙන්ම පත්වන අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුව, 20 වන සංශෝධනය අහෝසි කරමින් ජනාධිපති බලතල සීමා කිරීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ආදිය ඇතුළත්, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්මත කළ යුතු බවද ඔහු පවසනවා.
ජනතාවට තමන් කැමති රජයක් බලයට පත් කර ගැනීමට, අවකාශ සැලසෙන නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය කරන යහපත් පසුබිමක් සකසා එම මැතිවරණය පැවැත්වීමට ස්වාධීන මැතිවරණ කොමිසමට ඉඩකඩ සලසා දී අන්තර්කාලීන ආණ්ඩුවේ කටයුතු අවසන් කළ යුතු බවයි නිවේදනයක් නිකුත් කරමින් පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
