රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ තවත් මාත්‍රා 15,000 ක් අද අලුයම ඩුබායි සිට අද අලුයම මෙරටට ගෙන ආවා.
රුසියාවේ මොස්කව් නුවර සිට මෙම එන්නත් තොගය ඩුබායි වෙත ගෙන ආ අතර ඉන් අනතුරුවයි මෙරටට ගෙන එනු ලැබුවේ.
ස්පුට්නික් එන්නතේ දෙවැනි මාත්‍රාව සදහා භාවිත කිරීමට මෙම එන්නත් තොගය මෙරටට ගෙන ආ බවයි නිව්ස් රේඩියෝ වාර්තාකරු සදහන් කළේ.
ස්පුට්නික් එන්නතේ දෙවැනි මාත්‍රාවට අවශ්‍ය තවත් එන්නත් මාත්‍රා එක්ලක්ෂ තිස්පනද්හසක් අගොස්තු මාසය අවසන් විමට පෙර මෙරටටලැබීමට නියමිතයි.
