රාජ්‍ය සහ වාණිජ බැංකු සියල්ලේම පාහේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලිය සැලකිය යුතු ලෙස පහළ දමා තිබේ.
මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පහළ දැමීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව මෙරට බැංකු විසින් දැනට ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙමින් සිටින්නේ 15-16% වැනි උපරිම පොළියකි.
මහ බැංකුව විසින් පොලී අනුපාත පහළ දැමීමත් සමග වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන විසින් නිකුත් කර ඇති ණය කාඩ්පත් වල පොලී අනුපාත ද පහළ යනු ඇතැයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
පසුගිය කාලයේ පොලී අනුපාත ඉහළ මට්ටමක තිබීම මත ණය කාඩ්පත් සඳහා පොලිය 30%ක් ඉක්මවූ අගයක පැවැතිණි.
වාණිජ බැංකුවල අනෙකුත් පොලී අනුපාත පහළ වැටීම හේතුවෙන් ණය කාඩ්පත් වල පොලිය ද පහත වැටෙනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.