සියලූම දුම්රිය ස්ථානවල ප්‍රවේශපත් නිකුත් කිරීමේ කටයුතුවලින් දුම්රිය ස්ථානාධිපතිවරු ඊයේ පස්වරු 6.00 සිට ඉවත් වුණා.
දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරු කටයුතු කරනු ලබන අතර පාර්සල් ප්‍රවාහන කටයුතු මෙන්ම කලින් ආසන වෙන් කිරීමේ කටයුතුවල දුම්රිය ස්ථානාධිපතිවරුන් නියැලෙනු ඇති.
දුම්රිය ගාස්තු සංශෝධනය සම්බන්ධ ගැටලුකාරී තත්වය මුල්කරගෙනයි ස්ථානාධිපතිවරුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කලේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ අලාභය මේ මොහොතේ මගී ජනයා හරහා ලබා ගැනීමට කටයුතු කිරීම අනුමත නොකරන අතර ඉන්ධන මිලට සාපේක්ෂව දුම්රිය ගාස්තුව යම් මට්ටමකට ඉහළ දැමීම පිළිබඳව විරෝධයක් නොමැති බවත් ඔවුන් කියාසිටියා.
දුම්රිය ගාස්තු සංශෝධනය පිළිබඳව මගී ජනතාව යම් ප්‍රමාණවත් කාලයක් තුල දැනුවත් නොකිරීම නිසා නව ගාස්තු අය කර ගැනීමේදී දුම්රිය ස්ථානාධිපතිවරුන් හා මගීන් අතර ගැටළු පැන නැගීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව බවද ස්ථානාධිපතිවරුන් සඳහන් කරනවා.
පෙර රුපියල් 15 ක්ව පැවති ගාස්තුව නව සංශෝධනය මගින් රුපියල් 40 ක් ලෙස සියයට 125 කින් ඉහල නංවා ඇති බවත් ඇතැම් දුම්රිය ස්ථාන අතර නව ගාස්තුව සියයට 350 කින් ඉහල නැංවීමට පාලනාධිකාරිය කටයුතු කර ඇති බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහන් කලා.
මේ අතර ක්‍රියාත්මක වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබඳ සාකච්ඡා කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය සාමාන්‍යධිකාරිවරයා අතර සාකච්ඡාවක් අද පෙරවරු 10 ට ආරම්භ වනවා.
