මෙම සති අන්තයේ සිට තෝරාගත් සහල් වර්ග කිහිපයක් රුපියල් 100 කට වඩා අඩු මිලකට සතොස හරහා මහජනතාවට ලබාදීමට තීරණය කල බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඒ අනූව රතු කැකුලු සහල් කිලෝවක් රුපියල් 88 ටත් / සුදු කැකුලු කිලෝවක් 92 ටත් / නාඩු සහල් කිලෝවක් රුපියල් 97 ක මිළකටත් අලෙවි කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
පාරිභෝගික ජනතාවට අවශ්‍ය සහල් වර්ගයකින් ඕනෑම ප්‍රමාණයක් මිළදී ගැනීමේ හැකියාව පවතින බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ.