සහල් පාළන මිළට වෙළෙදපලට නිකුත් කරන බව හගවා අධික මිළට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම මහාපරිමාණ ජාවාරම සිදුකරන පිරිස් සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු පියවරක් නොගන්නා බවයි.