2018 වසරේදී සිදුවූ සවුදි ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝග්ජි ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු ප්‍රංශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පැරිස් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.
33 හැවිරිදි මෙම තැනැත්තා සවුදි රාජකීය ආරක්ෂක බලකායේ හිටපු සාමාජිකයෙකු බවටයි තහවුරු කරගෙන ඇත්තේ.
2018 වසරේ ඔක්තෝබර් මාසයේදි ජමාල් කෂෝග්ජි ඝාතනයට ලක්වූයේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර සවුදි කොන්සල් කාර්යාලයේදීයි.
ඊට සවුදි රජ පවුලේ සෘජු සම්බන්ධයක් ඇති බවටයි අමෙරිකාව ඇතුලු පාර්ශව ගණනාවක් චෝදනා කලේ.
මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 26 දෙනෙකු තුර්කිය විසින් නම් කල අතර ඉන් එක් අයෙකුයි මෙලෙස ප්‍රංශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.