කොවිඩ් වසංගතය පාලනය කිරීමේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික හමුවක් කැඳවන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
වෛරසයේ සීග්‍ර ව්‍යාප්තිය සහ කොවිඩ් මරණ දෛනිකව ඉහළයාම ආදිය සැළකිල්ලට ගනිමින් රට මුහුණ දෙන ආපදා තත්වය අවමකර ගැනීමට යෝජනා මාලාවක් ඉදිරිපත් කරමිනුයි ඔහු මේ බව කියාසිටියේ.
අගමැතිවරයා, කථානායකවරයා මෙන්ම පක්ෂ නායකයින් කැදවා වසංගතය පාලනය කිරීමේ ඉදිරි වැඩපිළිවෙල සාකච්ඡා කල යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කලා.