සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් අද පැවැත්වෙනවා.
සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අද රැස්වීමට නියමිතව ඇත්තේ පක්ෂ නායක – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් මෙහිදී ගැනීමට නියමිත බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කලා.
රවුෆ් හකීම් – මනෝ ගනේෂන් සහ රිෂාඩ් බදියුදීන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම සාකච්ඡාවට එක්වනු ඇති.
මේ අතර රජයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන පක්ෂ 09 නායකයන්ද අද හමුවී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
