අද වනවිට ජීවිතාරක්ෂක ඖෂධ කිසිවක් රටේ රෝහල් පද්ධතිය තුල නොමැති බව එම අවස්ථාවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සදහන් කලා.
එවැනි තත්වයක් මත සර්ප දෂ්ඨ කිරීමකදී රෝහල් ගතවන රෝගීන්ගේ ජීවිත අනතුරේ බවයි ඔහු සදහන් කලේ. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ අමාත්‍ය චන්න ජයසුමන යන මහත්වරුන්.
වරින් වර ඉන්ධන මිළ ගණන් අධික ලෙස ඉහළ යාමට හේතුව හිටපු මහබැංකු අධිපතිවරයාගේ අත්තනෝමතික තීන්දු තීරණ බවයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා එහිදී කියා සිටියේ.
මේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා.