විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවට පිවිසෙන මාර්ග කිහිපයකට පිවිසීම හා එම මාර්ගවල රාජකාරියේ නිරත නිලධාරීන්ගේ රාජකාරි වලට බාධා කිරීම වළක්වමින් නියෝගයක් නිකුත් නිකුත් කරන ලෙසට කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්රධාන මහේස්ත්රාත් නන්දන අමරසිංහ මහතා අද ප්රතික්ෂේප කළා.
එම විරෝධතාකරුවන් අදාළ ප්රදේශවලට ඇතුල් වී කලහකාරී ලෙස හැසිරුණහොත් පොලිස් ආඥා පනත අනුව කටයුතු කරන ලෙසටයි ප්රධාන මහෙස්ත්රාත්වරයා එහිදී පොලිසියට දන්වා සිටියේ.
උද්ඝෝෂකයන් එම ප්රදේශවලට ඇතුලුවී කලහකාරි ලෙස ලෙස හැසිරී පොලිසිය මහජන උද්ඝෝෂණ හා පෙළපාලි වලට බාධා කරන බවට ප්රචාර සිදු කිරීම සඳහා ප්රයත්න දරන බව පෙන්වා දෙමින් පොලීසිය එම ඉල්ලීම සිදුකර තිබුනා.
