චීනය විසින් ප්‍රදානය කරන සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් අද දිවයිනට ළගාවීමට නියමිතයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා 02 කින් මෙම මාත්‍රා තොගය ගෙන්වා ගැනීමටයි නියමිතව ඇත්තේ.
අද අලුයම මෙම මාත්‍රා ශ්‍රී ලංකාවට ළගාවීමට සැළසුම් කර තිබුණද බෙයිජිං නුවර අයහපත් කාළගුණය හමුවේ ගුවන් ගමන් ප්‍රමාදයක් සිදුවන බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කලා.
මෙම මාත්‍රා තොගයත් සමග ශ්‍රී ලංකාවට ලැබී ඇති සමස්ත සයිනොෆාම් මාත්‍රා සංඛ්‍යාව කෝටිය ඉක්මවා යන අතර ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවට ලැබී ඇති මුලු සයිනොෆාම් මාත්‍රා සංඛ්‍යාව මිලියන 10 යි දසම 07 දක්වා ඉහළ යනු ඇති.
