ජාත්‍යන්තර හා දේශීය අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් සමුද්‍රීය නීතිය සම්බන්ධයෙන් වන නෛතික විධිවිධාන හදුනා ගැනිම පිණිස කමිටුවක් පත් කර තිබෙනවා.
මින් පෙරද අදාල කේෂත්‍රයන්හි කරුණු අධ්‍යනයනය සදහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ පී ඒ රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කෙරුණද එම කමිටුවේ නිර්දේශ පිළිබද මෙතෙක් ඉදිරි කටයුතු වි නොමැති බවයි කැබිනට් මණ්ඩලයට නිරීක්ෂණය වි ඇත්තේ.
එමෙන්ම මෑතකදි මෙරට මුහුදු සිමාවේ ගිනි ගැනිමට ලක්වු එම් ටි නිව් ඩයමන්ඩ් හා එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකා නිසා සිදුවු හානියද සැලකිල්ලට ගෙන නව නීති හදුන්වාදීමයි සැලසුම වන්නේ.
ඒ අනුව මිට පෙර පී ඒ රත්නායක මහතාගේ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවද සැලකිල්ලට ගෙන දැනට පවතින හෝ සංශෝධනය කළ යුතු නිති හදුනාගැනිම සදහායි මෙම නව කමිටුව පත් කර ඇත්තේ.
ජනාධිපති නීතිඥ චන්දන ජයසුන්දර මහතාගේ සභාපතිත්වය යටතේ කමිටුවක් පත් කිරිමට අධිකරණ හා වරාය අමාත්‍යවරුන් ඒකාබද්ධව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.