කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීම සදහා බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවන විවිධ ඖෂධ වර්ග අත්හදා බැලීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඊයේ පස්වරුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා කියා සිටියේ පැරසිටමෝල් හැර වෙනත් කිසිදු ඖෂධ වර්ගයක් මේ දක්වා කොවිඩ් රෝගීන් වෙත නිර්දේශ කර නොමැති බවයි.
එමෙන්ම කොවිඩ් වෛරසය ආසාදයවී ඇත්දැයි හදුනාගැනීමට සුදුසු යැයි සදහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවන විවිධ ක්‍රියාකාරකම් අත්හදා බැලීමද අනතුරුදායක බවයි විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පෙන්වා දුන්නේ.
මේ අතර නිවෙස් තුල සිටින කොවිඩ් ආසාදිතයින්ට වෛද්‍යවරුන් සමග සම්බන්ධවීම සදහා හදුන්වාදී ඇති 1390 ක්ෂණික ඇමතුම් අංකය වලංගු වන්නේ ඔවුන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හරහා ලියාපදිංචි වී ඇත්නම් පමණක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සදහන් කළා.