සමාජ මාධ්‍ය වාරණය, මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බව මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරනවා.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව තක්සේරු කිරීමකින් තොරව හදිසි නිතීය පැනවීම ද මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බවයි කොමිසම පවසන්නේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සියලූ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අද පැවති විශේෂ හමුවකදී මෙම තීරණවලට එළැඹී තිබෙනවා.
මේ අතර පොලිස්පතිවරයා, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන් ලබන අගහරුවාදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.
ඒ සමාජ මාධ්‍ය වාරණය සහ පසුගියදා මිරිහානේදී මාධ්‍යවේදීන්ට සහ සිවිල් පුද්ගලයන්ට පහරදීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.
