කාන්තා හිංසනයට එරෙහිව සමගි වනිතා බලවේගය අද පෙරවරු 10ට විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබෙනවා.
ලංකාවේ සියලූ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එය පැවැත්වෙනු ඇති.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේදී කාන්තා අයිතිවාසිකම් / හිංසනය ආදි කරුණු පිළිබදව සමාජයේ බොහෝ සෙයින් කතාබහකට ලක්වුණා.