ගම් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 15 වනදායින් පසු ඡන්ද කොට්ඨාස මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
පවතින කොවිඩ් තත්වය හමුවේ සෞඛ්‍ය රීතිවලට අනුකූලව එම වැඩසටහන් සංවිධාන කිරීමට අපේක්ෂා කරන බවයි නිවුස් රේඩියෝවට අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සදහන් කළේ.
