වත්මන් රාජ්‍ය පාලනයට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගය විසින් සංවිධාන කරන විරෝධතා පාගමනේ හතරවන දිනය අදයි.
අද දිනයේදී දංඕවිට සිට යක්කල දක්වා ගමන් කර හෙට යක්කල සිට පෑලියගොඩ නගරය දක්වා ගමන් කිරීමටයි නියමිතව ඇත්තේ.
ඉන් අනතුරුව ලෝක කම්කරු දිනය යෙදෙන මැයි මස පළමුවනදා පෑලියගොඩ සිට කොළඹ දක්වා පාගමනින් පැමිණෙන ජනරැළිය කොළඹ පිහිටි නිදහස් මාවතේදී මැයි දින පෙළපාළියට එක්වීමට නියමිතයි.
මේ සමගි බල පා ගමන අද දිනයේ කටයුතු සම්බන්ධයෙන් නිව්ස් රේඩියෝ වෙත වැඩිදුරටත් පැහැදිලි කල සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා.