ආණ්ඩුව කළයුත්තේ වාහන ආනයනය සම්පූර්ණයෙන්ම අත්හිටුවීම නොව වාහන ආනයනකරුවන්ට කෝටාවක් ලබා දී හෝ ඔවුන් මුහුණ දෙන ගැටලුවලට විසදුමක් දීම බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරනවා.
පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේ 2022 අයවැය හරහා වාහන ආනයනකරුවන්ට යම් සහනයක් බලාපොරොත්තු වූ බවයි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු දින කිහිපයකට වසා දැමීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන්ද සුනිල් හදුන්නෙත්ති මහතා අදහස් පළකලා.
පවතින අර්බුද හමුවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව සම්පූර්ණයෙන්ම වසා දැමීමට සූදානමක් ඇති බවයි ඔහු එහිදී ප්‍රකාශ කලේ.