සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන “සන්ෂයින් සුද්දා” ඝාතනය ඇතුලු අපරාධ රැසක ප්‍රධාන සැකකරු වන හේවාලුණුවිලගේ ලසන්ත නොහොත් “ටින්කර් ලසන්ත” නමැත්තා කලුතර දියගම ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් මියගොස් තිබෙනවා.
නිවසක සැගව සිටින බවට ලද තොරතුරක් මත අද අලුයම අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදීයි මෙම වෙඩි තැබීම සිදුවී ඇත්තේ.
මෙහිදී පොලිස් නිළධාරීන් දෙදෙනෙකුද තුවාල ලබා තිබෙනවා.