සතොස සතුව තිබූ සුදුලූනු කන්ටේනර් දෙකක් වංචා සහගත ලෙස වෙනත් ව්‍යාපාරිකයකුට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සතොස සේවකයන් සිව්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
දැනට වැඩ තහනම් කර සිටින නිලධාරීන් 03 දෙනකු සහ මෑතකදී සේවයට එක් වූ බව කියන නිලධාරිනියක් ද මෙම පිරිසට ඇතුළත්ව සිටින බව සඳහන්.
සැකකරුවන් අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.