ලංකා සතොස ආයතනය විසින් අලෙවි කල මතභේදයට තුඩුදී ඇති සුදුලූණු තොගය මිළදී ගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ බම්බලපිටියේ පදිංචි 55 හැවිරිදි අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරු හෙට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.