සති අන්තයේ විශේෂ නිරෝධායන මෙහෙයුම් සදහා දිවයින පුරා පොලිස් නිළධාරින් 10,000 ක් අනුයුක්ත කර තිබෙනවා..
බස්නාහිර පළාතේ මුව ආවරණ නොපළදින පුද්ගලයන් අත්අඩංගුවට ගැනිම සදහා පොලිස් කණ්ඩායම් 30 ක් අනුයුක්ත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.
නිරෝධායන නීති උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 152 ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව නිරෝධායන නිති උල්ලංඝණය කිරිමේ චෝදනාවට අදාලව අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ සංඛ්‍යාව 51733 ක් වන අතර 45 දහසකට නඩු පවරා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.
