විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරය ගෙන ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ නම් ඊට සහය දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි මේ බව කියා සිටියේ.
අග්‍රාමාත්‍යවරයෙක් නැති පසුබිමක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් රට සම්පුර්ණයෙන්ම අරාජික වනු ඇතැයිද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.