විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෝ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හෝ වහාම අග්‍රාමාත්‍යධූරය භාරගැනීමට අද දවස තුලදී ඉදිරිපත් විය යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කරනවා.
සමගි ජනබලවේගයේ නායකත්වය තවදුරටත් ඒ සදහා ඉදිරිපත් වීමට මැලි වන්නේනම් තමන් පක්ෂයෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවයි ඔහු පවසන්නේ.
තමා සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ පළවන අසත්‍ය ප්‍රචාර වලට ප්‍රතිචාර දැක්වීම සදහා අද සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව අවධාරණය කලා.