සංශෝධිත ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිතය.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.
1988 අංක 40 දරන ඔට්ලු ඇල්ලීම හා සූදු බදු පනත සංශෝධනය කිරීමට 2022-07-04 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව, නීති කොටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබූ මෙම පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබෙන බව කැබිනට් තීරණ දැනුම්දීමේ නිවේදනයේ සඳහන් වේ.
