අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකා විදුහල්පති සේවය – ගුරු උපදේශක සේවය සහ ශ්‍රී ලංකා ගුරු සේවය සංවෘත සේවා බවට පත් කිරීම සිය අරගලයේ ජයග්‍රාහී ප්‍රතිඵලයක් බව ගුරු සංගම් අවධාරණය කරනවා.
අරගලයට දායක වූ සියලු ගුරු විදුහල්පතිවරුන් ඇතුලු සියලු පාර්ශව වලට ලංකා ගුරුසේවා සංගමය සිය ස්තූතිය පළ කර සිටින අතර එහි ලේකම් මහින්ද ජයසිංහ මහතා අද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කලා.
මේ අතර විදුහල්පති සේවය සහ ගුරු උපදේශක සේවය සදහා සිදුවන වැටුප් සංශෝධන සම්බන්ධයෙන්ද මහින්ද ජයසිංහ මහතා අදහස් පළ කලා.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදුහල්පති සේවය – ගුරු උපදේශක සේවය සහ ශ්‍රී ලංකා ගුරු සේවය සංවෘත සේවා බවට පත් කිරීමට පියවර ගෙන තිබුණා.
රාජ්‍ය සේවා කොමිසමේ එකගතාවය මත එය නිකුත් කර ඇති අතර පසුගිය අගෝස්තු 30 වනදා සිට බලාත්මක වනු ඇති.
උසස් කිරීම් – පත් කිරීම් – විනය – ස්ථාන මාරු හා අනෙකුත් ආයතන කටයුතු සම්බන්ධයෙන් වන බලතල හා විධිවිධාන ඒ ඒ සේවා සඳහා දැනට ක්‍රියාත්මක අයුරින්ම ඉදිරියටත් බල පැවැත්වෙන බවයි අදාළ ගැසට් නිවේදනයේ දක්වා තිබුණේ.
