මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික යන දෙදෙනාව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.
ඒ අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික යන දෙදෙනාව පසුගිය 23වැනිදා කොල්ලුපිටිය පොලිසිය හා කොළඹ අපරාධ කොට්ඨාස විසින් අත්අඩංගුවට ගත්තේය.
ඒ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකිරීමට ගත් සාමූහික තීරණය සම්බ්න්ධව මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් තිදෙනෙකු පසුව වෙනත් ස්ථාවරයක් දැරීම සම්බන්ධයෙන් පසුගිය 20 වැනිදා එහි සාමාජිකයන් දෙදෙනෙකුට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළවය.
අනතුරුව සැකකරුවන් දෙදෙනාව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් දෙදෙනාව එහිදී අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.
අප වාර්තාකරු පැවසුවේ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ බවය.
එහිදී වැඩබලන කොටුව මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදී උපයෝගීතා කොමිසමමේ සාමාජික ආචාර්ය මොහාන් සමරනායක මහතා විසින් හඳුනා ගත්තේය.
එමෙන්ම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අද අධිකරණය වෙත ඉදිරිපත් කළේ අන්තර්ජාලය හරහාය.
