2023 වසරේ මැයි 28 දින දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 516,946 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී.
2023 මැයි මස මුල් දින 28 තුළ දී 75,769ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟම මෙලෙස දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්‍රමාණය පන්ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
මැයි මාසය තුළ මේ දක්වා වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එම ගණන 20,971 ක් වේ. මීට අමතරව රුසියාව 6,872 ක්, ජර්මනිය 6,362 ක් සහ එක්සත් රාජධානිය 5,464ක් වශයෙන් මැයි මාසය තුළ වැඩිවශයෙන් සංචාරකයින් පැමිණි සෙසු රටවල් අතර පෙරමුණේ පසුවේ.
මෙම වසරේ මුල් කාර්තුව තුළ මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ ක්‍රමික පහළ යාමක් වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි 2022 වසර අවසාන වන විට ශ්‍රී ලංකාවේ මුළු සක්‍රීය ක්‍රෙඩිඩ් කාඩ්පත් ගණන 1,952,991 කි. එය 2023 ජනවාරි මාසයේ දී කාඩ්පත් 1,942,272 ක් දක්වා ත්, 2023 පෙබරවාරි මාසය අවසන් වන විට 1,940,872 ක් දක්වාත් පහළ ගොස් තිබුණු අතර 2023 මාර්තු මස අවසන් වන විට එම ප්‍රමාණය කාඩ්පත් 1,939,541 ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇත.
2023 මාර්තු අවසාන වන විට මෙම ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් වූ නොපිය වූ ශේෂය රු. මිලියන 140,509 ක් ලෙසින් වාර්තා වී තිබේ. මෙය 2022 වසර අවසානයේ දී රු. මිලියන 143,098 ක් ලෙසින් සටහන්ව තිබිණි.