දේශීය හා විදේශීය සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් සංචාරක කලාප ආශ්‍රිතව පිහිටා ඇති මෙරට අභ්‍යන්තර ගුවන් තොටුපළ 05 ක් වැඩි දියුණු කිරීමට සැලසුම් කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
ඒ අනුව සීගිරිය, කොග්ගල, අම්පාර, අනුරාධපුරය හා හිගුරක්කගොඩ අභ්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රමුඛතා පදනම යටතේ මෙලෙස වැඩි දියුණු කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
මෙම අභ්‍යන්තර ගුවන්තොටුපල ආශ්‍රිතව එම ප්‍රදේශයන්ට ආවේණික වූ සංචාරක ආකර්ශණය ඇති ස්ථාන පිහිටා ඇති බැවින් දෙස් විදෙස් ආකර්ෂණය සැලකිල්ලට ගනිමින් මෙම අගොවන්තොටුපල වැඩිදියුණු කිරීමට අවධානය යොමුකළ බව ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළා.
මීට අමතරව නුවර ඵළිය, දිගන හා බණ්ඩාරවෙල නව අභ්‍යන්තර ගුවන් තොටුපළ 03 ක් ඉදිකිරීමටද යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.
කෙසේ වෙතත් නුවරඑළිය ඉදිකිරීමට යෝජිත ගුවන්තොටුපල සදහා පළමුව යෝජනා වී තිබූ භූමි ප්‍රදේශය ගුවන් තොටුපලක් සදහා නුසුදුසු බව මේවනවිට තහවුරු වී ඇති බැවින් වෙනත් ස්ථානයක් සදහා ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ.