කොවිඩ් වසංගතය හමුවේ දැඩි බලපෑමක් එල්ලවී ඇති මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දැනටමත් සැළසුම් කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
එහි එක් පියවරක් ලෙස මෙරට සංචාරක ආකර්ශන ස්ථාන අන්තර්ජාලය හරහා ගෝලීය වශයෙන් සජීවීව විකාශය කිරීම ලබන වසරේ ජනවාරි සිට ආරම්භ කෙරෙනු ඇති.
ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තුවේ සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින්.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතාද විවාදයේදී අදහස් දැක්වුවා.
2022 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ 04 වන දිනය අදයි.