සංචාරක කර්මාන්තය නංවන පුලුල් වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශව කිහිපයක් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
සංචාරක කර්මාන්තය හරහා ඩොලර් බිලියන 4.5 ක වාර්ෂික ආදායමක් උපයාදෙන බවත් ලක්ෂ 05 කට අධික පිරිසක් ඍජු රැකියා මෙන්ම ලක්ෂ තිහකට වැඩි පිරිසක් වක්‍ර රැකියා ද ලබා ඇති බව විපක්ෂ නායකවරයා එහිදී පෙන්වා දුන්නා.
එවන් ක්ෂේත්‍රයක් අද වනවිට අර්බුද රැසකට මුහුණ දී ඇතැයිද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කලා.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අද වන විට මුහුණ දෙන ගැටලූ පිළිබඳව සහ එම තත්වයෙන් සංචාරක කර්මාන්තය ගොඩ ගත හැකි ආකාරය පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ පැවැත්වුණා.
ශ්‍රී ලංකා හෝටල් සංගමයේ නියෝජිත පිරිසක් සමග පැවති එම සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් පළකල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.