මෙරට සංචාරක කටයුතු සැප්තැම්බර් මස සිට ආරම්භ කිරීමට හැකි වනු ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාසය පළකරනවා.
එබැවින් චීන ජනතාවට නැවතත් මෙරට සංචාරයට ඇරයුම් කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කලේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියාසිටියේ අද අලුයම මෙරටට පැමිණි සයිනොෆාම් එන්නත් තොගය චීන තානාපති, චී චෙන්ග් හොන්ග් මහතා විසින් ජනාධිපතිවරයා වෙත අද පෙරවරුවේ නිල වශයෙන් භාරදුන් අවස්ථාවේදීයි.
පසුගිය මාර්තු 31 වනදා සිට අද දක්වා සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 27 ක් පරිත්‍යාග කරමින් කොවිඩ් මර්දනයට චීන රජය ලබාදුන් සහාය පිළිබදවද ජනාධිපතිවරයා විසින් මෙහිදී අගයකොට තිබෙනවා.
අද දිනයේදී ලැබුණු එන්නත්වලට අමතරව සිලින්ජර තොගයක් ද චීන රජය විසින් පරිත්‍යාග කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.
අගෝස්තු මස අවසන් වන විට වයස අවුරුදු 30ට වැඩි සියලූ දෙනාට එන්නත ලබාදී අවසන් කිරීමට හැකි වනු ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
