සංචාරකයින් සඳහා පවතින කොවිඩ් මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කරන්නැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
පූර්ණ එන්නත්කරණයට ලක්වූ ගුවන් සේවකයින් සඳහා අනිවාර්ය පුද්ගලික ආරක්‍ෂක උපකරණ පිළිපැදිය යුතු බවට වන උපදෙස ඉවත් කිරීම සහ පූර්ණ එන්නත්කරණයට ලක්වූ මගීන් සඳහා ගුවන් යානයට ගොඩ වීමට පැය 72 කට පෙර පීසීආර් පරීක්ෂණ අවශ්‍යතාවය ඉවත් කිරීම ඊට අයත්.
යුරෝපා සංගම් රෙගුලාසි වලට අනුකූලව වයස අවුරුදු 12 ට අඩු ළමුන් සඳහා වන පී.සී.ආර් පරීක්ෂණ ඉවත් කිරීම ද ලිහිල් කරන්නැයි සංචාරක සංවර්ධන අධිකාරිය සිය ලිපිය මගින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.
තවද සංචාරක මගීන් සඳහා ගුවන් තොටුපලේදී සිදු කරන පරීක්‍ෂණ වේගවත් කිරීමට සඳහා අවසර ලබා දෙන ලෙසද මෙම ලිපියෙන් වැඩිදුරටත් අවසර ඉල්ලා ඇතැයි සඳහන්.