සංචාරකයින්ට රට විවෘත කිරීම මගින් මෙරට කිසිදු කොරෝනා රැල්ලක් ඇති නොවූ බව සංචාරක අමාත්‍යංශය පෙන්වා දෙනවා.
අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතායි මේ බව සදහන් කළේ.
කෙරෝනා වසංගතය සහ මීට පෙර ඇති වූ තත්වයන් සමග පීඩාවට පත්ව සිටි සංචාරක ක්ෂේත්රයේ රැකියාවල නිරතව පුද්ගලයින්ට මේ වන විට ආර්ථික අවස්ථා ඇති වී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
ඉදිරියටත් සෞඛ්යාරක්ෂිත උපදෙස් අනුව මෙරටට සංචාරකයින් ගෙන්වීම අඛණ්ඩ සිදුකරන බවද ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.
කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මේවන විට සාර්ථකව සිදුවෙමින් පවතින බැවින් මුලු රටම වසා දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවද ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සදහන් කළා.