සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු අඛණ්ඩව 03 වන දිනයටත් ශ්‍රී ලංකාවෙන් දෛනික කොවිඩ් ආසාධිතයන් 600 ඉක්මවා ඊයේ වාර්තා වුණා.
මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 626 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනාගනු ලැබුවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 45 දහස් 256 දක්වා ඉහළ ගියා.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 16 දහස් 217 ක්.
සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ 15 දහස් 183 ක් ලෙසයි පවතින්නේ.
ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 13 දහස් 856 දක්වා ඉහළ ගියා.
ඒ පෙරේදා සිදුවූ තවත් කොවිඩ් මරණ 15 ක් ඊයේ දිනයේදී තහවුරු කිරීමත් සමගයි.