රෝහල් පද්ධතියට දරාගත නොහැකි මට්ටමින් කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම සහ මරණ සංඛ්‍යාව වැඩිවීම පාලනය කරගැනීමටනම් කඩිනමින් සංචරණ සීමා දැඩි කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.
තීරණ ගැනීමට පසුබටවන සෑම අවස්ථාවකදීම ජීවිතහානි ඉහළයාම වැළැක්විය නොහැකි බවයි මාධ්‍යයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දුන්නේ.
දෙනිකව වාර්තාවන කොවිඩ් ආසාදියන් සහ මරණ සංඛ්‍යාවේ සැබෑ දත්ත මහජනතාව වෙත අනාවරණ කිරීම මේ මොහොතේදී අත්‍යාවශ්‍ය කරුණක් බවත් එමගින් මෙම ව්‍යසනය පිළිබද මහජනතාවගේ අවධානය වැඩි වශයෙන් යොමුකළ හැකි උපුල් රෝහණ මහතා පෙන්වා දුන්නා.