සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ලංකා ගමනාගමන මණ්ඩලයේ උපයන දෛනික ආදායම ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට අදායම දෛනිකව මිලියන 60 සීමාවට පැමිණ ඇති බවයි නිවුස් රේඩියෝවට අදහස් දක්වමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සදහන් කළේ.
කොවිඩ් වසංගත තත්වය රටට පැමිණීමට පෙර ලංකා ගමනාගමන මණ්ඩලය ඉපැයූ දෛනික සමාන්‍ය අදායම ඉදිරියේදී ලගා කර ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු සදහන් කළා.