ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ පෙරවරු 07 සිට දිවයින පුරා ක්‍රියාත්මක කල සංකේත වැඩ වර්ජනය අද පෙරවරු 07 ට අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා නිවුස් රේඩියෝ වෙත කියා සිටියේ මෙම වැඩ වර්ජනයෙන් අනතුරුව හෝ තම ගැටලු වෙත රජයේ අවධානය යොමු නොවුණහොත් ඉදිරියේදී මෙම ක්‍රියාමාර්ග දැඩිව කි‍්‍රයාත්මක කරන බවයි.
කෙසේවෙතත් වර්ජන ක්‍රියාමාර්ගය අද පෙරවරු 07 න් අවසන් කිරීමට නියමිත බැවින් සියලු ජනතාවට සාමාන්‍ය පරිදි රෝහල් වෙත ගොස් ප්‍රතිකාර ලබාගැනීමේ කටයුතු සිදුකර ගතහැකි බව කුමුදේශ් මහතා අවධාරණය කලා.