ඔස්ටේ්රලියාවෙන් බිහිවූ සුපිරි දග පන්දු යවන ක්රිකට් ක්රීඩකයෙකු වන ෂේන් වෝන් ටද කොවිඩ් වෛරසය වැළඳී තිබෙනවා.
එංගලන්තයේ ලන්ඩන් ස්පිරිට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස ඔහු කටයුතු කරන අතර දේශීය තරගාවලියක් අතරතුර සිදුකල කොවිඩ් පරීක්ෂණයකදීයි ඒ බව තහවුරු කරගෙන ඇත්තේ.
කණ්ඩායමේ තවත් පුහුණුකරුවෙකුටද කොවිඩ් වැළඳී ඇතැයි හෙළිවී තිබෙනවා.
මේ වනවිට ෂේන් වෝන් හුදකලා කර ඇති අතර කණ්ඩායමේ කිසිදු ක්රීඩකයෙකුට වෛරසය වැළඳී නොමැති බවයි වාර්තා වන්නේ.
