නීති විරෝධී ආකාරයෙන් කාන්තාවන් වන්ධ්‍යාකරණ සැත්කම්වලට ලක්කළ බවට චෝදනා එල්ල වී වැඩ තහනමට ලක්ව සිටි වෛද්‍ය ෂාෆි ශියාබ්දින්ව නැවතත් සේවයේ පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණය දැඩි පිළිකලෙන් යුතුව හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
පාස්ක ඉරිදා ප්‍රහාරයේ ත්‍රස්තවාදීන්ට මුල්‍ය අනුග්‍රහය ලබාදුන් බවටත් / ජනසංහාරයක් සිදුකල බවටත් චෝදනා ලැබ සිටින අදාල වෛද්‍යවරයාව කසිදු නඩු විභාගයකින් තොරව මෙලෙස සේවයේ පිහිටුවන්නේ කෙසේදැයි ඔවුන් රජයෙන් ප්‍රශ්ණ කරනවා.
ජාතික නිදහස් පෙරමුණ අද සංවිධාන කර තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු සහ නැව් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළකලා.