තායිලන්තයේදී මිය ගිය ඔස්ටේ්රලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන් ගේ දේහය අද ඔස්ටේ්රලියාවට රැගෙන ඒමට නියමිතයි.
බැංකොක් සිට මෙල්බන් නුවර දක්වා දේහය ගෙන ඒමට නියමිතව ඇති බවයි තායි වාර්තා සඳහන් කලේ.
ශේන් වෝන් ගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකකටයුතු සිදුවීමක් සිදුවී නොමැති බවත් එය ස්වභාවික මරණයක් පමණක් බවත් තායි බළධාරීන් ඊයේ දිනයේදී නිගමනය කර තිබුණා.
ශේන් වෝන් වෙනුවෙන් පූර්ණ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය මේ වනවිටත් තීරණය කර අවසන්.
