ඊයේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් අනතුරුව ඇතැම් සිසුන් සහ දෙමව්පියන් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බව ලංකා ගුරු සංගමය අවධාරණය කරනවා.
එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කලේ විභාග සම්බන්ධ විශ්වසනීයත්වය තහවුරු කිරීම විභාග දෙපාර්තමේන්තුවේ වගකීම බවයි.