2021, 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ අන්තර්ජාලයට නිකුත් කෙරුණා.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිවලින් ප්‍රථිඵල ලබාගත හැකියි.
2021 ශිෂ්‍යත්ව විභාගය පසුගිය ජනවාරි 22 වැනිදා පැවැත්වුණු අතර එයට අපේක්ෂකයන් 335,158 දෙනකු පෙනී සිටියා.
මෙවර කිසිදු අයුරකින් ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් හෝ දිවයිනෙන් තරාතිරම නොබලන බව ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ප්‍රතිඵල නිකුත් කිරීමේ දී අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව දිස්ත්‍රික්කය හා මාධ්‍යය අනුව අදාළ කඩයිම් ලකුණු සමග සඳහන් කෙරෙනු ඇති.
එමෙන්ම අදාළ ප්‍රතිඵල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 හරහා තොරතුරු ලබාගත හැකි වනවා.
කිසියම් සිසුවෙකුගේ ප්‍රථිඵල නැවත සමීක්ෂණය කල යුතු නම් ලබන 31 වනදාට පෙර අභියාචනයක් ඉදිරිපත් කරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
මෙවර සිසුන් 20,000 කට ශිෂ්‍යාධාර ලබාදෙන අතර ඉන් 250 ක් වෙන් කර ඇත්තේ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහායි.
මේ අතර එක් එක් දිස්ත්‍රික්කය සඳහා සිංහල හා දමිළ මාධ්‍ය කඩඉම් ළකුණුද ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා.
ඒ අනුව කොළඹ – ගම්පහ සහ කලුතර දිස්ත්‍රික් සඳහා සිංහල මාධ්‍ය කඩඉම් ළකුණ 152 ක්.
සමස්ත කඩඉම් ළකුණු ලේඛණය නිව්ස් රේඩියෝ ඩොට් එල් කේ සිංහල වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.
