ඉරානයට සහ ඕමානයට බලපෑ ශාහීන් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 09 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඕමානයේ දහස් සංඛ්‍යාත පිරිසක් වෙරළාසන්න ප්‍රදේශවලින් ඉවත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.
මෙම කුණාටුව හමුවේ ඕමානයට පැමිණෙන සියලු ගුවන් යානා අත්හිටවූ අතර තරග සංචාරයක් සඳහා ඊයේ එරට බලා යාමට නියමිතව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ගුවන් ගමනද අද දිනය දක්වා කල් දැමුණේ මෙම කුණාටුව හේතුවෙනුයි.
