නිසි ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක ශාක පෝෂක මෙරටට යළි ගෙන්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා අවධාරණය කරනවා.
රසායනික පොහොර භාවිතය එකවරම තහනම් කිරීමට ගත් තීරණයේදී අර්බුදයක් ඇති විය හැකි බවට මින් පෙර ආණ්ඩුවට පෙන්වා දුන් බවයි නිවුස් රේඩියෝවට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.