ගුණාත්මක ශාක පෝශක පොහොර ගෙන්වීමට අවසර ලබාදීමට ආණ්ඩුව ගත් තීරණය ගොවි ජනතාව පිළිබද සිතා ගත් තීරණයක් නොවන බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.
එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.
ගොවි අරගල හමුවේ ආණ්ඩුවට සිය වැරදි තීරණ ආපසු හරවා ගැනීමට සිදුවූ බවයි ඔහු එහිදී අවධාරණය කලේ.