මෙවර ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ජාතික ධජය සහිත නිල ඇඳුමක් පිරිනැමීමට නොහැකිවීම සම්බන්ධයෙන් කරුනු දක්වමින් වාර්තාවක් ලබා දෙන ලෙස ජාතික ඔලිම්පික් කමිටුව වෙත තමන් දැනුම් දුන් බව ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (05) පාර්ලිමේන්තුවේදී සදහන් කළා.
ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරග ඉසව්වලට සහභාගීවීමේදී ජාතික ධජය සහිත ඇදුමකින් සැරසී නොසිටීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවූ විවේචනයන් සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රි හේෂා විතානගේ මහතා විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.
මේ අතර ඉදිරි ඔලිම්පික් තරගාවලි වලදී රට වෙනුවෙන් ජයග්‍රහණ අත්කරගැනීමට දිගු කාලීන සැළැස්මක් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ අනුව ක්‍රිඩකයන් කිහිපදෙනෙකු විදේශ රටවල මේවනවිටත් පුහුණුවීම්වල නිරත වන බවත් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා.